Tuesday, June 23, 2009

පිලිගැන්වීම...

සාමාන්යෙන් අලුත් පොතක් එහෙම ලිව්වම එක කාට හරි පිලිගන්වන එක සම්ප්‍රදයක්නෙ......මං මේ අලුත් බ්ලොග් එකක් ලිව්ව නිසා පිලිගැන්වීමක් ගැන කල්පනාවට ආව..ඒ වෙනුවට මට හිතුන මගෙ හිතට දැනිච්ච පිලිගැන්වීම් කීපයක් ගැන කියන්න...

මුලින්ම මතක් වෙන්නෙ මහගමසේකර ශූරීන්ගෙ "ප්‍රබුද්ධ" පොතේ පිලිගැන්වීම.. මං ආසම කරන කවි පංතියක් ඒක.

"ඇවිද ලදුදෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පංකොල"...

පිලිගැන්වීමක්ම නොඋනත් තවත් අපූරු අදහසක් තිබුනා "හකල්බරිගේ හපන්කම්" කියල චන්ද්‍ර අනගිරත්නයන් පරිවර්තනය කරපු මාර්ක් ට්වෙන් ගෙ "ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්" පොතේ.... දැන්වීමක් ආකාරයට...ඒකෙ අන්තිමට තිබුනෙ මේ වගෙ දෙයක්...

"මෙහි ඇති කතා වස්තුව කුමක්දැයි සෙවීමට වෙහෙසෙන අයට වෙඩි තබනු ලැබේ "

No comments:

Post a Comment