Monday, August 17, 2009

කොලඹ ජාත්යන්තර පොත් ප්‍රදර්ශනය - සැප්තැම්බර් 19 වැනිදා ඉදන්.....

.

කොලඹ ජාත්යන්තර පොත් ප්‍රදර්ශනය - සැප්තැම්බර් 19 වැනිදා ඉදන්.....

උපුටාගත්තෙ අද ලක්බිම පත්තරෙන්..
http://www.lakbima.lk/ranketha/ranketha1.htm


.

Thursday, August 6, 2009

Angels & Demons

.
Dann Brown ගෙ Angels & Demons පොත ඊයෙ රෑ ඉවරකිරීමෙන් ලද සතුට බෙද ගන්නයි මේ සටහන ලියන්න හිතුනෙ. මං මෑත කාලෙ කියෙව්ව පොත් වලින් හොදටම කුතුහලය ඇවිස්සෙන විදිහට තිබුන පොතක් තමයි මේක. සාමන්යෙන් මේ වගේ පොතක් කියවන් යද්දි ඒ සිදුවීම් වලට අදාල කෙනා කවුද කියල අපිට ඉගියක් ලැබෙනවනෙ.. මෙ පොතෙ අන්තිම වෙනකන්ම ඒක හරියට හිතා ගන්න බෑ.. මුලදි අදාල කෙනා කියල හිතෙන කෙනා නෙවේ ඊලගට හිතෙන්නෙ. ඔහොම ඔහොම පොත ඉවර වෙනකන්ම එක දිගටම කුතුහලය ඇවිස්සෙනව..

ඇත්තටම මේ පොත කියවන්න පටන් ගත්තෙ සෑහෙන දවසකට කලින්.. එත් ඊයෙ රෑ තමයි කියවල ඉවර කලේ :)

කියවන්න වටිනා පොතක්....


.

Tuesday, July 28, 2009

කොලඹ මහජන පුස්තකාලෙ පොත් ප්‍රදර්ශනයක්... 29 වෙනකන් විතරයි...

.

ඊයෙ බොහොම අහම්බෙන් දැනගත්තෙ... පත්තරෙත් දාල තිබුනලු එත් මං නම් දැක්කෙ නැහැ... කොහොමහරි ඊයෙ හවසම ගියා බලන්න....ප්‍රකාශකයො සෑහෙන ඉන්නව. මට හම්බුන හොදම දේ Bargain books.... Archer, Forsyth, John Grisham වගෙ මං කැමති Authors ලගෙ English Fictions තිබුන රු 200 ට අඩුවෙන්..අතේ සන්තකේට තිබුනෙ රු 1000යි.. කොහොමහරි English Fictions 4කුයි සිංහල පොත් 3කුයි ගත්තා ඔක්කොටම 925යි..:)

පුලුවන් කමක් තියන කට්ටිය ගිහින් බලන්න........



.

Wednesday, July 22, 2009

රාජිත දිසානායකයන්ගෙ නාට්ය උලෙලක් හෙට ඉදන්..

රාජිත දිසානායකයන්ගෙ නාට්ය උලෙලක් හෙට - 23 බ්‍රහස්පතින්ද ඉදන් 26 ඉරිද වෙනකන් හැමදාම හවස 7 ට ලයනල් වෙන්ඩිට් එකේ තියනව...

පෙලගැස්ම මෙන්න මෙහෙමයි...

23 - මට වෙඩි තියන්නෙ නැද්ද

24 - වීරයා මැරිලා

25 - සිහින හොරු අරන්

26 - ආපහු හැරෙන්න බෑ

නාට්ය බලන්න කැමති අයට මතක් කරන්නයි මේක ලිව්වෙ...

මං මෙ නාට්ය 4න් සිහින හොරු අරන් හැර අනිත් 3 බලල තියනව.. බලපු ඒවත් ආයෙත් බලන්න නම් ආසයි.. ඒත් මේ දවස් 4 නම් නම් යන්න වෙන එකක් නෑ :(

පුද්ගලිකව මම නම් බලපු නාට්ය 3න් වඩාත්ම කැමති "ආපහු හැරෙන්න බෑ" නාට්යට..

Tuesday, June 23, 2009

පිලිගැන්වීම...

සාමාන්යෙන් අලුත් පොතක් එහෙම ලිව්වම එක කාට හරි පිලිගන්වන එක සම්ප්‍රදයක්නෙ......මං මේ අලුත් බ්ලොග් එකක් ලිව්ව නිසා පිලිගැන්වීමක් ගැන කල්පනාවට ආව..ඒ වෙනුවට මට හිතුන මගෙ හිතට දැනිච්ච පිලිගැන්වීම් කීපයක් ගැන කියන්න...

මුලින්ම මතක් වෙන්නෙ මහගමසේකර ශූරීන්ගෙ "ප්‍රබුද්ධ" පොතේ පිලිගැන්වීම.. මං ආසම කරන කවි පංතියක් ඒක.

"ඇවිද ලදුදෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පංකොල"...

පිලිගැන්වීමක්ම නොඋනත් තවත් අපූරු අදහසක් තිබුනා "හකල්බරිගේ හපන්කම්" කියල චන්ද්‍ර අනගිරත්නයන් පරිවර්තනය කරපු මාර්ක් ට්වෙන් ගෙ "ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්" පොතේ.... දැන්වීමක් ආකාරයට...ඒකෙ අන්තිමට තිබුනෙ මේ වගෙ දෙයක්...

"මෙහි ඇති කතා වස්තුව කුමක්දැයි සෙවීමට වෙහෙසෙන අයට වෙඩි තබනු ලැබේ "